31 December 2011

යාල්පානම්..., තුන්වැන්නෙකුගේ විවෘත ඇසින්.. / ஒரு மூன்றாவது நபரின் கண் இருந்து யாழ்ப்பாணம்... / Jaffna, From the open eye of a third person...



Location - Naaga Viharaya, Jaffna.


Location - Inside the boat to Naaga deepaya, Point Pedru.





Location - Inside the boat to Naaga deepaya.
ශ්‍රද්ධාව... / Devotion...


Location - Naaga Viharaya, Jaffna..


Location - Point Pedru beach.
සිදුරු වූ ජීවිත... / Hollow lives...

Location - Naaga deepaya.


Location - Jaffna Fort





Location - Jaffna Library.


Location - Point Pedru
යුද්ධය... / War...

Location - Nallur Kovil, Jaffna





Location - Location - Point Pedru beach.


Location - Location - Point Pedru beach.
අන්තිමේදි ලොඳත් නෑ...








තුන්වැන්නා... / The third...

* * * * * * * * * *

With - Shantha Priyaranjana, Neranjan Karunarathna, Chinthaka Bandara, Rahanan Sathiyakumar, Nawod Thisara, Harsha Madhushanka, Lasantha Jayalath, Charith Fernando, Srikantharanganathan Shashikaran, Mithun Mithuna, Selvarajah Piratheepan, Raguparan Sriskantharasa, 

Pictures were taken by -
      
                                                 Fuji Finepix AV140                            Samsung L210

03 December 2011

පිරිමි, නිවට හා කුහක... / Male, Meek and Mean...



                                      උදා ළහිරු කිරණ නිල්වන් තණ පිටිය සිප ගන්නට පටන්ගෙන ඇත. අරුණළු රැසින් එකළු පිණිබිඳු කාන්තිය විහිදාලයි. හංදියේ බස් නැවතුම කරා පැමිණි මම, එහි ළඟා වූ මුල්ම බස් රථයට ගොඩවීමි. සෙනසුරාදා දිනයක් වූ නිසාවෙන් එතරම් සෙනඟක් බසයේ නොසිටි අතර, හොඳින් සුළං හමන කවුළුවක් අසල අසුනක් ලැබීම මා ප්‍රීතියෙන් කලම්බවාලන්නට සමත් වීය. මඳ වේලාවක් නැවතුමේ රැඳී සිටි බසය කෙමෙන් කෙමෙන් මහ මඟට අවතීර්ණ වූයේය..

                                                                                         මිහිදුම් කුමරිය තම දුහුල් සළුපිළි හාත්පස අවකාශයේ තවමත් විහිදා ඇත්තීය. තිමිරයේ ගැලුණු තුරු ලතාවෝ බොඳව ගිය සිතුවමක රූ සොබා දරන්නාහ. දියවන්නා ඔයේ විසල් ජල තලය මත සුදෝ සුදු පුළුන් රොද් සදිසි මිහිදුම් කැටිති අවලම්බනය වී ඇත. ළා හිරු කිරණ තිමිර පට අතුරින් රැස් වළලු විදාලූයේ මිහිදුම් කුමරිය තම ආදිපත්‍යට නතු කරගැනීමට දරන ආයාසයක් මූර්තිමත් කෙරෙමිනි.

                               මහ මග ඔස්සේ ගාටමින් ආ බසය රාජගිරියේ බස් නැවතුමට ගාල් විණ. එංජිමේ ගොර-ගොර ශබ්දය විඩාපත් ගවයෙකුගේ කෙඳිරිළි හඬක් නංවයි. කොන්දොස්තර ළමයා තම උකුසු ඇස් මනා ගෙන බසයේ ඉදිරියට හා පසුපසට දෙතුන් විටක් ගමන් කල අතර., කිසිවෙකුට තම දෑසින් ගැලවිය නොහැකි බැව් සනිටුහන් වූ සිනාවක් මුවෙහි නංවා ගත්තේය. අනතුරුව හේ එංජිම අසල වූ යකඩ වැටට හේත්තු වී ඩ්‍රැයිවර් සමග කතාවට වැටුනේය. තෙල් මිල, ඉන්ෂුවරන්ස්, ස්පෙයාර් පාර්ට්ස් ආදියට සම්බන්ධ වදන් විටින් විට ගලා ආව ද සමස්ථය කුමක් ගැන දැයි මඟී කිසිවෙකුට  අදහසක් නොතිබිණ. මෙලෙස මිනිත්තු දහයක් හෝ දොලහක් ගතවන්නට ඇත. අලසකම මා වටා මකුළු දැලක් මෙන් එතෙන්නට විය.

           "කාසල්, සෙන්ට්‍රල්, ග්ලාස් හවුස්, කොල්ලුපිටිය, කොල්ලුපිටිය, කොල්ලුපිටියා..."

                  කොන්දොස්තර ළමයා විටින් විට හඬ තලයි. ඒ අතරම ඔහු දොරටුවේ එල්ලී මඩ පාට රාජගිරි පොළොව, බුලතේ රත් පැහැයට හරවයි. බසය යන පාටක් නැත. මෙතෙක් වේලා තමගේ පාඩුවේ ඉවත බලාසිටි සහ තමුන්ගේ පෞද්ගලික කතාවල නියැලී සිටියෝ තරමකට කලබල වන්නට වූහ. පැහදිලිව වෙන් කර ගත නොහැකි වූ සැර බාල අප්‍රසන්නතාව ගැබ්වූ වදන් මෙන්ම නොසරුප් වදන්ද ගුමු ගුමුවක් සේ පැතිර යන්නට විය. කොන්දොස්තර ළමයා තවමත් එය නොඇසුනු ගානට දොරෙහි එල්ලී හඬ තලයි.

           "කාසල්, සෙන්ට්‍රල්, ග්ලාස් හවුස්, කොල්ලුපිටිය, කොල්ලුපිටිය, කොල්ලුපිටි...."

                  මේ අතර එක් උච්ච අවස්ථාවක කශේරුව පූර්ණව සප්‍රාණ වූ පිරිමියෙකු යැයි සැක කළ හැකි යමෙක් නැගී සිටියේය.

           " මේ ඕයි.., කීයටද මිනිහෝ මේක මෙතනින් අහක් කරගන්නෙ...?"

                  බසය මීයට පිම්බාක් සේ නිසල විය. දොරටුවෙන් හිස මෑත් කළ කොන්දොස්තර ළමයා බසය සිසාරා යක්ෂාවේශ බැල්මක් දල්වාලූයේය. සියල්ලන්ගේම නෙත් සිත් යොමුව ඇත්තේ නැඟී සිටි මිනිසා සහා කොන්දොස්තර අතර ඊලඟට වන්නට යන්නේ කුමක්දැයි බැලීම සඳහාය. වැස්සකට හෝ පාසලකට ගොඩවූ අයෙකු වී නම් නාලාගිරි දමනය නිතැතින්ම සිහිවනවා නිසැකය.

           "සැරයක් මම ඇහුවා නේද..? කීයටද තමුසෙලා මේක අහක් කරන්නේ..?"

                  ඒ උත්තේජනයෙන් උද්දීපනය වූ කශේරුව අඩ ප්‍රමාණයෙන් සප්‍රාණ වූවෝ හඬ තලන්නට වූහ.

           "ඒයි බූරුවා, තමුසෙගේ අම්මා එනකල් ද නවත්තගෙන ඉන්නේ..?"

           "ගොනෝ, අපිට වැඩට යන්න පරක්කු වෙනවා. ගන්නවා ඕයි මේ ලඩිය පාරට."

                  බසය කෑකෝ ගෑම්වලින් ගිගුම් දෙන්නට විය. අප්‍රසාදය හඟවන කඨෝර වචනත්, උපහාසය දනවන වචනත් එකට එක්ව මහා ගාල ගෝට්ටියක් බවට පත් විය. අසාධාරණයට නිතැතින්ම පෙළ ගැසෙන මුහුණු සේම, තම පෙම්වතියට ජැක් ගැසීමට එන සලළෙකුට වුව මඳකුදු ඔරවා බැලීමක් නොකරන නිවට නියාළු මුහුණුද එක සීරුවට පෙළ ගැසෙන්නට වන.

                   කොන්දොස්තර ළමයා, ඩ්‍රැයිවර් අසල තිබූ වෙලාව සටහන් කරන පත්‍රිකාවත් සුරතින් ගෙන, අවධානම නොතකා බසයේ මැදට ගමන් කළේය.

            "හැම එකෙක්ම කටවහගෙන අහගනිල්ලා. මේ තියෙන්නේ වෙලාව දාන කොළේ. අපිට කොල්ලුපිටියට යන්න තියෙන්නේ 9.20 ට. මේක අපි හදාගත්තු කෙහෙල්මලක් නෙමෙයි. ආණ්ඩුවෙන් තමයි දීලා තියෙන්නේ."

   "කොහෙන් දුන්නු බම්බුවක් උනත් බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕකේ වෙලාවක් වෙන් කරලා නෑනේ..?"

                  වන්නට යන අනතුර දුටු රියදුරු සිද්දිය සමනය කිරීමට උත්සාහ දැරුවේය.

     "මේ මල්ලි, උඹ නිකා හිටින්. වැදගත් මහත්තුරු අතරේ ඔය වගේ මෝඩයොත් ඉන්නවා."

          එහෙත් කොන්දොස්තර ළමයාගේ හිස් මත්තෙහි නැඟි යක්ෂයා තවමත් බසින පාටක් නැත.

           "මේ මහත්තයා, නිකන් බොරුවට කෑ ගහන්න එපා. අපිත් අසරණ දරු පවුල් කාරයෝ. වාහනේ අපේ නෙමේ නේ... මේකට කුළිය ගෙවන්න ඕන. එහෙන් ලීසින් කාරයො ඇවිත් කරදර කරනවා. ඒ මදිවට තෙලුත් ගණන්. තමුසෙට ටිකක් මහත්තයෙක් වගේ විනාඩි දෙක තුනක් ඉවසගෙන ඉන්න බැරිද..?"

           "විනාඩි දෙක තුනක්.., කොහෙද බූරුවෝ විනාඩි දෙක තුනක් ගියේ..? දැන් විනාඩි විස්සකටත් වැඩියි.."

          "නිකන් පලයන් මහත්තයා යන්න. විනාඩි විස්සක් කොහෙද ගියේ..?

          "වරෙන් තොට පෙන්නන්න කොහෙද ගියේ කියලා.."

                  වාක්‍ය අවසන් කිරීමත් අමතක කළ ඔහු, කොන්දොස්තර ළමයාගේ පිටට පැන පහර පිට පහර එල්ල කරන්න ට පටන් ගත්තේය. තැලෙන යකඩේ දකින ආචාරියා උඩ පැන පැන තලන්නාසේ, සුරතාන්තයේ උපරිම සීමාවේ දඟලමින් සිටි සෙස්සෝද බුරුතු පිටින් මේ මැදට පනින්නට වූහ.

                                                                                                      පත්තර කෑලි, කමිස සාක්කු, ඇස් කණ්නඩි, සාරි පොටවල්, හෑන්ඩ් බෑග්, ඒ තුළ වූ ලිප්ස්ටික්, අත් ලේන්සු, සනීපාරක්ෂක තුවා, දැති පනා එකකට එකක් පැටලී විසිර ගියේය. දාඩිය ගඳ, සෙන්ට් සුවඳ, බුලත් කහට, චුයින්ගම් සුවඳ, මඩ ගඳ, හඳුන්කූරු සුවඳ එකට මුහුම් ව බසය සිසාරා හමන්නට විය. ඒ අතරේ කොන්දොස්තර බේරගැනීමට ආ ඩ්‍රැයිවර් ට ද යටි බඩට, පිට මැදට හා කම්මුලට ය්නාදී ලෙස හොඳ හැටි සැලකුම් ලැබිණ. 

                                                            මේ වනවිට බස් නැවතුමේ වූවන්ටද මෙය දැනී ගොස් හමාරය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තෝ තම නොමඳ සහයෝගය මීට ලබා දුන්හ. ඒ අතරේ හුන් පිට් පොකට් කාරයෝ දවසේ ගතමනාව උදෑසනම වාගේ බෝනස් සහිතවම උපයා ගන්නට සමත් වූහ. දෙතුන් දෙනෙකු බසයෙන් පිටටද වැටුණ බැව් පෙනිණ. පහර දුන් අය තමා පහර දුන්නේ කාටදැයි, ගුටි කෑ අය තමා ගුටි කෑවේ කාගෙන්දැයි කියාවත් නොදත්හ.. කෙසේ හෝ අවසානයේ සියල්ල සමථයකට පත් විය.


ලේ ගලායන මුව සහා නිල්-දම් වූ කම්මුල වමතින් දරාගත් කොන්දොස්තර ළමයා කටේ වූ බුලත් හපය එළියට විසිකර, වෙව්ලන ස්වරයෙන් බෙරිහන් දෙන්නට විය.

          "එක වේසිගෙ පුතෙක්වත් බස් එකේ ඉන්ඩ එපා. සේරමල්ල බැහැලා පලයව්. බස් එක මෙතනින් එහාට අඩියක්වත් හොලවන්නේ නෑ."

                  බසයේ වූ සියල්ලෝම ගමන් මළු ද, ළමා ළපටින්ද දොක්කාගෙන බසයෙන් බසින්නට වූහ. කවුරුන් හෝ කෙනෙක් සීට් දෙකක් අතර සිරව සිටි ඩ්‍රැයිවර් එලියට  ගත්හ. කෝපාවිෂ්ඨ වූ ඇතැමෙක් මෙසේද කියන්නට වූහ.

          "ඇද්ද... පණ්ඩිතකමට කරන්න ගිය දේ. දැන් ඉතින් වෙන බස් එකක් හොයාපල්ලකො..."

          "අනේ මන්දා.. මේ මිනිස්සුන්න්ට මොන හෙණයක් වැදිලද කියලා.? තිරිසන්නු.. මුං හින්දා අපිට බස් එකක යන්නත් නෑ. කාලකන්නි හැත්ත....!"

ති. ත. පෙරේරා
2008/11/2
(සඳකඩපහණ අතිරේකය, ලංකා පුවත්පත )

* * * * * * * * * *
Pictures were taken by - 
Fuji Finepix AV140

ට්‍රාන්සිස්ටරය... / Transistor...

    

මට හිතෙනවා...
සමහර වෙලාවට..,
අපි දෙන්න මැද්දේ තියනවා කියලා...
ට්‍රාන්සිස්ටරයක්...!

අපේ ආදරේ..,
මා ගාව ඉඳලා..
ඔයා ගාවට ගලන්නේ..
උඩු - යටිකුරු වෙලානේ...!

04 October 2011

තණකොළ පෙත්තා... / The Grass Cutter...


* * * * * * * * * *
Pictures were taken by - 

Nokia 3250

27 September 2011

අතරින් පතර...(3) / Random Lot...(3)


කැපවීම... / Dedication...




හෙවන... / Shade...


තනිකම... / Loneliness...








* * * * * * * * * *
Pictures were taken by - 
       Casio Exlim 8.1MP         Nokia C5




22 September 2011

මානව ප්‍රජනන පද්ධතිය සහ 18+... / Human Reproduction Unit & 18+...

                                                    


                         


            මේක ටිකක් වෙනස් කතාවක්. සමහරවිට අනිත් අය මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්. ඒත් මම හිතනවා මම වැරදි නෑ කියලා.

            මට අවස්ථාව ලැබුණා රාගම වෛද්‍ය පීඨයේ ළඟදි පැවැත්වුණු වෛද්‍ය ප්‍රදර්ශනය බලන්න යන්න. ඒ සැප්. 5-10 අතර කාලයේ. මම මෑත කාලයේ කොළඹ (MedEx), ජ'පුර (වෙදැස), කැළණිය/රාගම (MedKel) වෛද්‍ය පීඨවලින් සංවිධානය කරපු ප්‍රදර්ශන තුනම බලන්න ගියා. ඒ නිසා මට මෙවරත් එහෙම එකකට යන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බෙ නෑ. (කොහොමත් මගෙ field එක Plant genetics/Biotechnology නිසා.)

            ඇත්තටම මම ගියේ මගේ ඉතාම හොඳ මිතුරියකගෙ ඇරයුම නිසා. ඇය රාගම වෛද්‍ය පීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක්. මම මේක ලියන්න හේතුව ප්‍රදර්ශනය ගැන කියන්න නෙමෙයි. එහිදී මට පෙනුන දෙයක් ගැන හිතුන දෙයක් කියන්න.

          වෛද්‍ය ප්‍රදර්ශනයක් සාමාන්‍යයෙන් Anatomy and Physiology, Neurology, ENT, Respiratory, Psychology  Toxicology, Food and digestion, Forensic medicine වගේ අංශ යටතේ සංවිධානය වෙනවා. අපි එක්තරා ' δ (delta) T ' මොහොතක පරිශ්‍රයේ මුළු නරඹන්නන් සංඛ්‍යාව මොන අංශ වලද බෙදිලා ඉන්නෙ කියලා බැලුවොත්..., ඔබ නොවැරදීම එක උත්තරයක් දේවි. ඒ වැඩියෙන්ම ඉන්නෙ Reproduction Unit  එකේ කියල. ඒ සංසිද්ධිය ඇතිවෙන්නෙ වෛද්‍ය ප්‍රදර්ශනවල විතරක් නෙමෙයි. පොත්, ඡායාරූප, චිත්‍ර, චිත්‍රපට වගේ ඕනම එකකට සාධාරණයි. ඇයි එහෙම වෙන්නෙ..?


            මානව ශරීරයේ මේතරම් පද්ධති තියෙද්දි..., ඇයි ප්‍රජනන පද්ධතියට මේ තරම් ජනගහනයක්..! මම මේ කාරණය ගැන එතරම් හිතන්නෙ නෑ එහි සංයුතිය අවු. 15 -  45 අතර වුණා නම්. ඒත් එහි සැබෑ සංයුතිය අවු. 10 - 80 විතර පරාසයක විහිදුනා...!

            Reproduction Unit එකට මේ හැමෝම යන්නෙ මනව ප්‍රජනන පද්ධතිය ගැන සත්‍ය වශයෙන් ව්‍යුහාත්මක සහා කෘත්‍යාත්මක හැදෑරීමක් සඳහාම ද...? 20-40% ප්‍රමාණයක් දැනුම මූලික කරගෙන යනවා වෙන්න පුළුවන්. එතකොට ඉතිරි 60%...?

            මම යෝජනා කරනවා ඉතිරි 60% යන්නෙ කුතුහලය මූලික කරගෙන කියලා. ඒත් ඇයි මෙතරම් කුතුහලයක්...! ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික පීඩනය පිළිඹද දර්ශකයක් ද මේ පේන්නේ..? සමහර වෙලාවට ඒ සැකය සාධාරණයි කියලා හිතෙනවා. හේතුව, තත්කාලීන සමාජයට එකතුවන බාල වර්ගයේ චිත්‍රපට, පොත්, සඟරා, විළාසිතා කන්දරාව දිහා බැලුවාම.

            වැරදියට තේරුම් ගන්න එපා, මම බාල වර්ගයේ කියලා හැඳින්වූයේ ලිංගිකත්වය/ ශෘංගාරය කියන සංකල්පය/ ක්‍රියාවලිය නෙමෙයි. මානව ලිංගිකත්වය ස්වභාවික වගේම මානව ජීවන චක්‍රයේ වටිනාම සංසිද්ධියක්. ඒ වගේම මමත් බොහොම කුතුහලයෙන් ඉඳලා සෑහෙන අධ්‍යනයක් කරපු විෂයක්. ලිංගිකත්වය කියන්නෙ විෂයකටත් වඩා කලාවක්. කලාවක් තේරුම් ගන්න හැමෝටම බැහැ. කලාවකට ඊට ආවේණික හර පද්ධතීන් තියනවා, ඊට ආවේණික අර්ථ නිරූපන තියනවා, ඊට අවේණික ශිල්ප ක්‍රම තියනවා.  එකිනෙකා තේරුම් ගන්න විදිහත්, අවබෝධ කරගන්න විදිහත්, ඒ අවබෝධය ආනන්දයකට පෙරළ ගන්න විදිහත් එකිනෙකට වෙනස්. ඒ වගේම ලිංගිකත්වය අව ප්‍රමාණයෙන් ස්පර්ශ කරලා සරළ විනෝදයකට හරව ගත්තොත් ඉන් ලැබෙන ප්‍රතිඵල ඉතා භයානකයි. ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙන්නෙත් ඒ වගේ අවරසිකත්වයෙන් පෙළෙන සමාජයක. එය වෙළඳ භාණ්ඩයක් වීම මානව ලිංගිකත්වය කියන කලාවටත්, පොදුජන විඥාණයටත් විශාල හානියක් කරනවා.

            මම මේ පිළිඹඳ දැනුම ගවේශණය කරන්න පටන් ගත්තෙ මට අවුරුදු 14 විතර කාලයේ ඉඳන්. මගේ වාසනාවකට ද කොහෙද මම නිවැරදි track  එකේ හිටියේ. මගේ මූලාශ්‍ර බහුතරයක් ම විෂය මූලික ප්‍රකාශන. මුලින් මැජික් වගේ පෙනුනට අවබෝධය පුළුල් වෙනකොට එහි ස්වභාවිකත්වයත්, වටිනාකමත්, ඒ සංසිද්ධිය කොහොමද තේරුම් ගන්නෙ කියලත් මට අවබෝධ වුණා. ඒ නිසා මම හිතනවා දැන් මට පුළුවන් ඒ විෂය ක්ශේත්‍රය ගැන ෆැන්ටසි රාමුවෙන් එළියට ඇවිත් බලන්න.

            ඒත් බහුතරයකට මේ අවබෝධය නැහැ. ඒ නිසා වැඩිදෙනා මේ ෆැන්ටසියට අහුවෙනවා. 'ෆැන්ටසියෙන්' ලැබෙන 'ආතල්' එකට මිනිත්තු කිහිපයකට වඩා පැවැත්මක් නැති බව දැන දැනම ඒකට අහුවෙනවා.

            ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..? මම හිතනවා මානව ලිංගිකත්වය ගැන නිවැරදි දැනුම සහ අවබෝධය පාසලෙන් වගේම පවුල් පරිසරයෙනුත් 'ළමයා' ගේ වයසට ගැලපෙන විදිහට නොලැබෙන නිසා කියලා. ඒ වගේම පොදු සමාජයේ මේ මාතෘකාව ගැන නිවැරදි විදිහට කතා කරන්නෙ නෑ. ඒ වෙනුවට වෙළඳ අවශ්‍යතා සඳහා මේ සංකල්පය, එහෙම නැත්තම් මේ හිස්තැන හිතේ හැටියට ගණිකා වෘත්තියේ යෙදවීමට ඇති ඉඩකඩ ඕන තරම්. ළමයෙක් කුඩා කාලයේ අම්මාගෙන් ඇහුවාම "අම්මේ , මම මේ ලෝකෙට ආවේ කොහොමද..?" කියලා, " රෝස කැළෙන් ගෙනාවා.."  වගේ උත්තර තාමත් ලැබෙනවා නම්, අපි මේ ගැන තව දුරටත් කතා කරලා වැඩක් නෑ. වැසුනු දෙයක් ගැන කුතුහලය ඕනම කෙනෙකුට තියනවා. තමන්ගෙ වත්තෙ පොල් තියාගෙන, හොර පොල් කඩන්න ගොඩක් අය කැමතියි. මේ 'හොර පොල්' කැඩීමේ මානසිකත්වය කුඩා කාලයේ ඉඳලා වෙනස් වෙනවා නම් සමාජය මීට වඩා බුද්ධිමත් වේවි.
( සමාජය යහපත් වේවි කියලා මම කියන්නෙ නෑ. මොකද යහපත් සමාජයක් කියන්නෙ තවත් එක් ෆැන්ටසියක් විතරක් නිසා. )

            ලංකාවේ වෛද්‍ය පීඨ වලින් මේ  වගේ ප්‍රදර්ශන සංවිධානය කරන එක ගැන මම සතුටු වෙනවා. මිනිස්සුන්ට මේ ෆැන්ටසි රාමුවෙන් එළියට එන්න උත්ප්‍රේරකයක් වන නිසා. අනික මම කැමතියි චිත්‍රපට ශාලාවල යකඩ වැටවල් තවදුරටත් උසස් රසඥතාවයෙන් යුක්ත චිත්‍රපට පෙන්නන යුගයක් ඇති වෙනකල් ආරක්ෂා වෙනවා දකින්නත්.

            අවසාන වශයෙන් රාගම වෛද්‍ය පීඨයේ, කසුනිකා වගආරච්චි සොයුරියට මගේ ගෞරව පූර්වක ස්තුතිය. ඒ මට මෙහෙම දෙයක් හිතන්න අවස්ථාව ලබා දුන්නාට.

04 September 2011

අතරින් පතර...(2) / Random Lot...(2)

Location - Boys' hostel, Wayamba Uni
අඳුරින් එළියට... / From DARK to LIGHT…

            සාමාන්‍ය ජීවිතයේ දි  අපිට දකින්න ලැබෙන සමහර සුන්දර දේවල් ගැන, ටිකක් ගැඹුරින් හොයලා බැලුවොත්..., අවබෝධ කරගන්න පුළුවන් ඒවායෙ මුල් කාලය තරම් සුන්දර එකක් නොවන බවආරම්භය එතරම් සුන්දර නොවුනට, අවසන් ඵලය සුන්දර නම්...

වටිනාකම තියෙන්නෙ එතන යි...


Location - Daladaa Maligawa, Mahanuwara.
දෙනෙතේ කථාව... / Story in the EYE…

'ඇස්'..,
වචන වලින්, අනිත් ඉරියව් වලින්  ප්‍රකාශ වෙන්නෙ නැති ගොඩක් අදහස් තේරුම් ගන්න පුළුවන් හොඳම  මාධ්‍යක්.
තමන්ට කැමති විදිහට නිදහසේ ජීවත් වෙන්න තියන නිසර්ග හැඟීම් සියල්ල යටපත් කරගෙන, තමන්ට කිසිම විදිහකින් අදාල නැති, කවදාවත් කරන්න බලාපොරොත්තු නොවුන දෙයක්, ඕන වුණාම අයින් වෙන්නත් බැරිව, කරන්න වුනාම...

ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න ඕනකම තිබුනත්, "තත්වය" කියන යදම් වලින් විලංගු දාලා නම් තියෙන්නෙ..,

හිතාගන්න පුළුවන්ද ඒක කොයිතරම් අසරණකමක් කියලා..?


Location - Mahanuwara.
තෝරාගැනීම… / The CHOICE…

               ධරණි තලය සැලකුවාම, එක එක කොට්ඨාශවලට තමන්ගේ ජීවන විළාසය  ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යන්න  අනන්‍ය වූ වාස භූමි පිහිටලා තියනවා.
තව කොට්ඨාශයක් භුමි  ආක්‍රමණය කළාම, කොට්ඨාශය පළමු අයට වඩා බලවත් නම්, පළමු පිරිසට තියන තෝරාගැනීම් ඉතාම සීමිත වෙනවා. සීමිත තෝරාගැනීම් පවා සමහරවිට බලවත් පිරිසෙන් දූශ්‍ය වූ දේ විය හැකියි. ඒක "මානුශීය " අසාධාරණ  වෙන්න පුළුවන්. නමුත් ලෝක ඉතිහාසය පුරාම මීට වෙනස් අවස්ථා ඇත්තෙම නැති තරම්. කොහොම නමුත් එක් කොට්ඨාශයක ජීවන විළාසය, තවත් කොට්ඨාශයක හැසිරීම මත තීරණය වෙන එක ඇත්තටම අවාසනාවක්.


Location - Primary school, Kegalla
පැමිණීම සහ මුළු ගණන... / PRESENCE and TOTAL…


Location - Kanniya
ජීවන ගමන... / JOURNEY of LIFE…

                 ඡායාරූපය එතරම් හොඳ නැතුව ඇති. ඊට හේතුව මෙතන පහුකරද්දි බස් එකේ වේගය ටිකක් වැඩි නිසා. මේ අළුත් කන්නියා පාලම මුණගැහෙන්න ටිකක් කලින්.
මේ දර්ශනය සුන්දර නැද්ද කියන්න මම දන්නෙ නැහැ.
'තංගවේලු' කියන්නෙ කන්නියා-1 ප්‍රදේශයේ ජීවත්වෙන ගොවියෙක්. ඔහු ගොයම් කපලා, වී ටික ගෝනිවලට අහුරලා විකුණුවට පස්සෙ, ඉතුරු වෙන පිදුරු ටික පවා කීයකට හරි දීගන්න හදන්නේ, ගත්ත ණය ගෙවලා ආපහු හැරිල බලනකොට අනික් අවශ්‍යතා සපුරගන්න අතේ කීයක්වත් නැති නිසා.
මේ වගේ තංගවේලු ලා තවත් සියගානක්  ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර අවට දිනපතා මේ විදිහට තමන්ට උරුම ගමන යනවා ඕන කෙනෙකුට දකින්න පුළුවන්..
යුද්ධය නම් අවසන්.  වුණාට සාමයේ සහ සංවර්ධනයේ සැබෑ  ප්‍රතිඵල බිම් මට්ටමට ලැබෙන්න තව කොතරම් කාලයක් ගතවේවි ..?


Location - Kanniya


Location - Kanniya
(කොටි/අලි) තර්ජනය සහ ආරක්ෂාව... / (Tiger/Elephant) The THREAT and DEFENCE…

                              ආරක්ෂාව වුවමනා වෙන්නේ තමන්ගෙ ජීවිතයට යම්කිසි තර්ජනයක් තියනකොට. කව්රුත් කැමතියි බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වෙන්න.

කන්නියා ප්‍රදේශය වඩාත් ප්‍රසිද්ධ ස්වභාවික උණු දිය උල්පත් වලට. වර්ෂ 2000 ආසන්න සහ ඊට පස්සෙ කාලයේ දී මේ ප්‍රදේශයේ සියළුම ක්‍රියාකාරකම් පාලනය වුණේ කොටි සංවිධානය මගින්. උණුදිය උල්පත් බලන්න එන දේශීය සහ විදේශීය සංචාරකයන්ට ටිකට් පවා ඔවුන් අලෙවි කලා. ඒ වකවානුවේ දී රජයේ හමුදා මැඩපවත්වන්න කොටි සංවිධානය භාවිතා කළ කම්බි රෝල්, දැන් වල් අලි මැඩ පවත්වන්න යොදාගෙන. කොහොම නමුත් හමුදා නවත්තන්න අමාරු වුණ විදිහටම, වල් අලි නවත්තන්නත් මේවාට අමාරුයි.

මේ කම්බි දඟර වලින් එහා පැත්තෙ තියෙන්නෙ කන්නියාවල මිනිස්සුන්ගෙ ජීවිතය. කම්බි දඟරවලට වල් අලි එන එක නවත්තන්න අමාරුයි තමයි. නමුත් ඒ මිනිස්සුන්ගෙ බඩට දැනෙන බඩගින්න නවත්තන්න නම් වල් අලින්ටවත් බැහැ.
                 

Location - Kanniya
නැගෙනහිර - නැගෙන හිරු... / SUN RISE  in the EAST…


           ජීවිතය මීදුමකින් වැසීගිය අඳුරු කාල, කාට වුණත්, කවදා හරි එළඹෙන්න පුළුවන්. කාලවල සිද්ධවෙන දේවල් මොනවද කියලා කාටවත් හරි හැටි අවබෝධයක් නැති එක පුදුමයක් නෙමෙයි. සමහරු අඳුරෙම ඉපදිලා, අඳුරෙම මැරිලා යනවාවාසනාව තියන ටික දෙනෙක් හරි පායන හිරුගේ රශ්මිය විඳින්න ජීවත් වෙනවා.

හිරු සමග මහ පොළොව මත පතිත වෙන්නෙ අළුත් ලෝකයක්. අඳුරින් මිදෙන්න වාසනාව තිබුනට විතරක් මදි, ආලෝකයේ ජීවත් වෙන්නත් දැනගන්න ඕන.
නැත්තම් අඳුරේ දි නොපෙනී ජීවත් වුණා වගේ, අලෝකයේදි ත් නොපෙනෙන සේ ජීවත් වෙන්න සිද්ද වෙනවා.

මොකද..., අලෝකය සමහරවිට අඳුරට වඩා සාහසික යි.






Location - Wayamba Uni.
රියදුරු අසුනට බුදු සරණයි... / BUDDHA SAVE the DRIVER…


Location - Hortan Plnnce
සංරක්ෂණය... / Conservation…

                 සමහර දේවල් වැසී තියනතාක් කල් ඒවායේ වටිනාකම සහ සුන්දරත්වය ආරක්ෂා වෙනවාපොදු සමාජය වගකීම් විරහිතයි. බහුතරයක් , සුළුතරයක් කියන එක වැඩකට නැති කාරණයක්. කුමක් වුණත් නිතරම පෙනෙන්න තිබීමත්, ඕන කෙනෙකුට, ඕන වෙලාවක භාවිතයට තිබීමත්, ඕනම දෙයක වටිනාකම අඩු කරන්න සමත්.
ඉල්ලුම හැමවිටම රඳාපවතින්නෙ සැපයීම මත නෙමෙයි. වටිනාකම ආරක්ෂා කරගන්න, එවිට ඉල්ලුම දිගටම පවතීවි.



වැජඹීම... / GRANDEURE…

                 වරදවා වටහා ගැනීම් සමාජයේ ඉතා සුලබයි. සමහර විටෙක ඒවා සුළු කාලයකින් නිවැරදි වෙනවා. සමහර ඒවාට ගොඩක් කල් ගතවෙනවා.
අහලා තියනව ගොබෙල්ස්  න්‍යාය..? එකම බොරුව සිය පාරක් කිව්වොත් ඒක ඇත්තක් වෙන්න පුළුවන්නමුත් වැරැද්දක් කවදා හරි නිවැරදි විය යුතුයි.
අඩුම තරමේ ඒක සාක්ෂි ඇතුව ඔප්පු කලාම වත්.


Location - Sithulpawwa temple, Kirinda.
පැවැත්ම... / Long live…

                මිනිස්සු හැමෝම එකයි කියලා, එකම ලේ තියා මොනවා තිබුනත් මම පිළිගන්නෙ නැහැ. හැමෝටම තමන්ගෙ මට්ටමින් පනවා ගත්ත ආස්ථාන තියනවා. කාටවත්, කවුරුවත්, කිසිම දෙයක් සම්බන්ධයෙන් වැරදියි කියන්න හැකියාවක් නැහැ. වගේම කාටවත් කාණ්ඩ විදිහට බෙදෙන්න පවා හැකියාවක් නැහැ. එකම බෙදීම තනියෙන් පමණයි.
මිනිසා සමාජ සත්වයෙක් කියල මම පිළිගන්නවා. නමුත් සමාජීය බව ඕන වෙන්නේ සමාජ චර්යාවට පමණයි. එහෙම නැතිනම් සමාජය මත ගැති වීමට තරම් ප්‍රාථමික මූල විනාශවෙලා නම් පමණයි.
එහෙම කියන්න හේතුව, මිනිහෙක් උපදිනකොට එයාකාරයෙන් බෙදෙන්න කිසිම දෙයක් අරන් එන්නෙ නැති නිසා. ආගම, ජාතිය, කුලය, පංතිය, වර්ගය ඉපදීමෙන් පසුව 'ආරෝපණය කරන' දේවල්.
මිනිසාගේ බුද්ධි මට්ටම උසස් නිසාප්‍රාථමික සත්ව කොට්ඨාශවලට වඩා වෙනස්ව තම ජීවිත විලාසය තමන්ටම නිර්මාණය කරගත හැකියි. සඳහා සුදුසු දර්ශනයක් භාවිත කල හැකියි. නමුත් සඳහා කිසිම අනවශ්‍ය බාහිර බලපෑමක් සිදු නොවිය යුතුයි..
පැවැත්මක් තිබිය යුත්තේත් එවන් නිදහස් චින්තනයට ඉඩ සළසන දර්ශනවලට පමණයි.

* * * * * * * * * *

Pictures were taken by - 

Fuji finepix AV140                        Nokia 3250


Sony Ericson K800i                  Panasonic DMC- TZ4 

  Nikon COOLPIX L4        Sony Cyber - shot W810


Related Posts Plugin for WordPress, Blogger...