02 November 2012

බලකොටුවක්, විනෝද උද්‍යානයක් වූ කලෙක... / When a fortress becomes a place of recreation...

           කෝට්ටේ පුරවරය, ලංකාවේ  ඉතිහාසයට අනුව අවසන් රාජධානි යටතට අයත් වන්නක්. ලාංකීය පුරාණ සාහිත්‍ය ක්ෂේත්‍රයටත් ඒ කාලයේ විශාල සේවාවක් ඉටු වී ඇති බැව් සඳහන් වෙනවා. ඒ කොහොම නමුත් මගේ කතාබහ ඒ පිළිබඳව නම් නෙමෙයි.

           මාලබේ, බත්තරමුල්ල, රාජගිරිය හරහා උදේ හවස ගමන් ගන්න කෙනෙක්, පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන සේවාවකින් හෝ ගමන් ගන්න කොට අත්විඳින විශාලම ප්‍රශ්නෙ තමයි එහි පවතින අධික වාහන තදබදය. උදෑසන 6.00-10.00, දහවල් 1.00-2.00 සහ සවස 5.00-8.00 මේ කොයි වෙලාවෙත් මේක පොදුයි.

          ඒ කොහොම නමුත් රාජගිරිය සහා බත්තරමුල්ල අතර සීමාවටට අපි යනවිට, ඒ සියළු ද්වේෂ සහගත සිතිවිලි හිතෙන් තුරන් වන, නිමේෂයකට පමණක් රාජපාක්ෂික වීමේ භාහ්‍ය සහගත සිතිවිලි ඇතිවෙන මොහොතක් උදාවෙනවා. ඒ තමයි මනස්කාන්ත දියවන්නාව ජලාශය කේන්ද්‍ර කොටගත් දියවන්නා විනෝද උද්‍යානය..

ඔන්න මම දැන් හරි මාතෘකාවේ..

             දියවන්නා ජලාශය මම පොඩිකාලේ ඉඳන්ම ගොඩක් කැමති ප්‍රදේශයක්. මොකද කියනවානම්, කොළඹ ඉන්න අපිට, උදේ හවහා ඇස් දෙකට දිය පොදක් දකින්න තියන එකම ඉඩකඩ නිසා. මීට අවුරුදු කීපයකට කලින් දියවන්නාව දැක්ක කෙනෙක්ට, දැන් එහි දකින්න තියන වෙනස හිතාගන්නත් බැරි තරම්. නුවර එළියේ ග්‍රෙගරි ජලාශයේ පැරණි පින්තූර දැකපු දවස් වල ඉඳලා මටත් ලොකු ආසාවක් තිබුණා නිතර යන්න එන්න පුළුවන් තැනක ඒ වගේ අවකාශයක් හැදෙනවානම් කොයි තරම් හොඳයි ද කියලා. දැන් ඒ දොළ දුක සංසිඳෙන්න පටන් අරන්..

             කලින් සඳහන් කලා වගේම දියවන්නා උද්‍යානය පිහිටලා තියෙන්නේ B240 මාර්ගයේ රාජගිරිය සිට බත්තරමුල්ල අතර දිවෙන කොටසේ. 17, 153, 163, 168, 170, 171, 174, 177, 190 මාර්ග අංක සහිත බස් රථවලින් මෙහි ළඟාවෙන්න පුළුවන්. 

පහත පින්තූරවලින් එහි ගුවන්, චන්ද්‍රිකා සහා මාර්ග සිතියම් පෙන්නුම් කෙරෙනවා. 


 


Ref - 
[ http://visitmiraclelanka.blogspot.com/2012/07/diyawanna-oya-walking-track.html
  http://www.maplandia.com/sri-lanka/ ]

              පසුගිය සෙනසුරාදා, ඒ කියන්නේ 27 වෙනිදා මම යළුවෙකුත් එක්ක ගියා ඒ පැත්තේ රවුමක් ගහලා එන්න. ටික කාලයක ඉඳන් ඇස් දෙකයි, අත් දෙකයි අක්‍රීය වෙලා තිබ්බේ. ඒවා නැවත සක්‍රීය කරගන්න ලොකූ උවමනාවක් තිබ්බා. පහත දැක්වෙන්නේ එහි අස්වැන්න. සරු ද, නිසරු ද කියලා ඔයාලම තීරණය කරන්න. 









            දියවන්නා උද්‍යානය පරිශ්‍රයේ ගොඩබිම් කොටස පදිකයන්ට පමණක් විවෘතයි. සියලුම Bicycle, Tricycle ඇතුළු කිරීම තහනම්. නමුත් සෙසු උද්‍යානවලින් මෙය සුවිශේෂි වන්නේ පොදු ජනයාට විවෘත හංස බෝට්ටුවලට අමතරව, පෞද්ගලිකව අයත් වෙනත් බෝට්ටු වර්ගත් පැදීමට ඇති ඉඩකඩ සහා අවසරයයි. ජලාශයේ වපසරිය මෑත කාලීනව විශාල කරනු ලැබූවා. ඉන් එක් අතකට ජල බැස්මට පහසුකමක් සැපයීමත් සිදුවෙනවා. අනිත් අතට විශාල පෙදෙසක පැතිරුණු ජල තලයක් හිමිවෙනවා. හබල් මගින් පාලනයකරන යාත්‍රා වගේම, රුවල් මගින් ගමන්කරන යාත්‍රාත් කිසි අපහසුවකින් තොරව ධාවනය කිරීමට මින් ඉඩකඩ ඇති වී තිබෙනවා.











            උද්‍යානයේ එක් අන්තයක මධ්‍යම ප්‍රමාණයේ ඉතා අලංකාර එළිමහන් වේදිකාවක් පිහිටලා තියනවා. අපි එහි ගිය දවසේ ‍Y FM Street Dancing Fest එක තිබුන නිසා වෙදිකාව තිබෙන හැටියෙන්ම පින්තූර ගන්න ලැබුනේ නෑ. උත්සවයේ පින්තූර මම මේ පොස්ට් එකෙන් බලන්න පුළුවන්.


            හැම  දෙනාටම වගේ මතක ඇති ඉස්සර වික්ටෝරියා උද්‍යානයේ කාලයකට සැරයක් පැවැත්වෙන මහා විසිතුරු පැළ ප්‍රදර්ශනය. නමුත් දැන් එය පැවැත්වෙන්නේ දියවන්නා උද්‍යානයට යාබද බිම් කොටසේ. ලංකාවේ විසිතුරු පැළ වගාකරුවන්ගෙන් ඉතා වැඩිකොටසක් අයත්වන්නේ සුළු පරිමාණ කොටසට. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නිශ්චිත මිලක් නැති කමත්, නිශ්චිත වෙළඳපොළ අවකාශයක් නැතිකමත්. මේ අවශ්‍යතාවය ටිකක් හෝ දුරකට මඟහැරී ගියේ මෙවන් විසිතුරු පැළ ප්‍රදර්ශන නිසා. දැන් ඔවුන්ට වැඩි අවකාශයක් වගේම, හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙලා තියනවා. මොකද, විදේශීය සංචාරකයන් සහ දේශීය සංචාරකයන් වැඩි වශයෙන් මෙම උද්‍යානයට ඒක රාශීවීමෙන්, ඔවුන්ගේ අවධානයත් මෙම විසිතුරු පැළවලට වැදි වශයෙන් යොමු වෙලා තියන නිසා. එය ඉදිකිරීමෙන් පසුව විවෘතකරනු ලැබූයේ 2012 සැප්තැම්බර් මස 16 වෙනිදා...












           දියවන්නාව උද්‍යානය මනරම් වතුර මලකින් ද සමන්විතයි. විවිධ ආලෝක සහා රටා මවමින් විනාඩියකටත් වඩා කාලයක් එහි විචිත්‍රත්වය නැරඹිය හැක. එහි පින්තූර සහ විඩියෝව පහතින් නරඹන්න..




              දියවන්නා උද්‍යානය ඉදිකරනු ලැබූවේ නාගරික සංවර්ධන අධිකාරිය, පරිසර අමාත්‍යංශය සහා ආරක්ෂක අමාත්‍යංශය සහ අනෙකුත් රාජ්‍යය ආයතන ඒකරාශී වීමෙන්. කෙසේ වෙතත් මෙහි අධිකාරීත්වය හිමිවන්නේ ආරක්ෂක අමාත්‍යංශයට. ඒ නිසා මෙහි විනය, නීතිය සහා අනෙක් අවසරගැනීම් කටයුතු ඒ හරහා සිදු කෙරෙනවා. විශේෂයෙන්ම එක් අන්තයක ඇති එළිමහන් වේදිකාව පරිහරණයට එසේ අවසරගත යුතුයි.

අවසන් වශයෙන් මා මගේ කෘතගුණ පූර්වක ස්තුතිය සචිත් මදුරංග සොයුරාට. ඒ ඔහුගේ (නො) වටිනා කාලයට සහා වටිනා කැමරාවට..

* * * * * * *

With - Sachith Madhuranga

Pictures were taken by 

Nikon D60
Related Posts Plugin for WordPress, Blogger...