01 February 2013

ත්‍රිකුණාමලය නාවුක හමුදා පරිශ්‍රයේ, රාජකීය විද්‍යාලීය බාලදක්ෂයන් සමග පැවැති වර්ෂාවසාන කඳවුර... / Year end outstation camp to Trinco Naval Base with Royal College Scouts...

          මම අන්තිම වතාවට බාලදක්ෂ කඳවුරකට ගියේ, මීට අවුරුදු හයකට කට කලින්. විශ්ව විද්‍යාල කටයුතු එක්කයි, අනිත් වැඩයි නිසා වෙලාවක් ලැබුනෙම නෑ. රොහාන් සර් ආදි බාලදක්ෂයන්ට වෙන්කල Facebook Page ekak එකක් හදලා. ඒ නිසා බාලදක්ෂ කන්ඩායමේ වෙනදේවල් නිතරම යාවත්කාලීන වෙනවා. මටත් අහම්බෙන් තමයි මේ Camp එක ගැන ආරංචි උනේ. ආයේ ජිවිතේටම යන්න බැරි ජාතියේ ගමනක් නිසා මම මාස කිපයක ඉඳන්ම තීරණය කරලා තිබුනේ අනිවාර්‍යෙන්ම සහභාගි වෙනවාමයි කියලා.

          දැන් උනත් Bloganna තරම් කාලයක් නැති තරම්.. ඒත් මොන දීපංකරේක ගියත් D60 අතේ නිසා (Pandith ට පින් සිද්ද වෙන්න ) ප්‍රභා ලේඛනයේ නම් කිසිම අඩුවක් නෑ. ඇත්තටම මේ Post එක දාන්නෙත් ඡායාරූප ගන්න එකෙන් මට ලැබුන සතුට බෙදාගන්න ඕන නිසයි. එ නිසා කඳවුර ගැන ලොකු විස්තරයකට මම අද යන්නේ නෑ. ආයෙ වෙලාවක් ලැබුනොතින් මම පස්සේ වෙලාවක ඒ වැඩේ කරන්නම් කෝ.

          උතුරු සහා නැගෙනහිර ප්‍රදේශ භාර නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් රවි විජේගුනරත්න අපේ පාසලේ හිටපු ජ්‍යේෂ්ඨ බාලදක්ෂ කාණ්ඩ නායකයෙක් (Senior Scout Troop Leader) ඔහු නිසා තමයි මේ සියළු දේවල් මේ තරම් හොඳින් සූදානම් කෙරුනේ. අපි කඳවුරු බැන්ඳේ නාවික බල ප්‍රදේශයේ, විශේෂ යාත්‍රා බලගනයට (Special Boats Squadron) අයත් ප්‍රදේශයේ. ඒ කියන්නේ හමුදාවේ Commando, එහෙම නැත්තම් Special Forces ට අනුරූප නාවික හමුදාවේ set එක ඉන්න හරියේ. ඕනම කෙනෙකුට මතක ඇති යුද්ධෙ දවස්වල Navy එකෙ ඩෝරා සහ අනිත් වේග ප්‍රහාරක යාත්‍රා ගැන. අන්න ඒ අය ඉන්නෙ මේකෙ තමයි.

          පහල තියන ඡායාරූප මම දවස් පහ ගත උන විදිහට දාන්නේ නැහැ. ඒ වෙනුවට මම ගත්ත පරිසර දර්ශන සහ කඳවුරු ක්‍රියාකාරකම් විදිහට වෙන් කරන්නම්.

මුල්ම දවසේ හැන්දෑවේ SBS එකේ Stunts Show එකක් පෙන්නුවා. පහල තියෙන්නේ ඒකෙ පින්තූර.










"රණවිජය" නෞකාව..

"හංසයා" නෞකාව..

Type - Brahminy Kites / බමුණු පියාකුස්සා - [Haliastur indus]



"පියාසැරිය / Flight.."



          Sober Island එක ඉස්සර බ්‍රිතාන්‍ය පාලන සමයේ යුධ කටයුතු සඳහා භාවිත කළ දූපතක්. ඒ සමයේ ඉදිකිරීම්වල නෂ්ටාවශේෂ තවමත් දක්නට ලැබෙනවා. මම කලින් කිව්වා වගේ මේ දූපතේ පාලන කටයුතු සිද්ධවෙන්නේ නාවුක හමුදාව අතින්. Sober දූපත දැනට Natural Resort එකක් විදිහට පවත්වාගෙන යනවා. සංචාරකයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් එහෙමත් මේ වන විට ඉදිකර අවසානයි. කවුරුහරි අවශ්‍ය කෙනෙක් එහෙම ඉන්නවා නම් කියන්න. එක් රාත්‍රියකට රු. 15000 - 20000 තරම ගණනක් පමණයි වැය වෙන්න්නේ.


"උඩු ගිය මුල් / Up root.."





"යුද්ධයට පසු...????"






Type - Cotton Stainer - [Pyrrhocoridae spp.]




Flag Down at 6.00pm





"Deadly When Wet"


"කියනවට විස්වාස කරන්න ආයුබොවන්ඩ.., මූ 14 inch Laptop Screen එක වහන්න තරම් විසාලයි.."



Type - Kind of a Shoe flower [Hibiscus spp]

Type - Kind of a Shoe flower [Hibiscus spp]
       [This species does not match any of the images that Google shows]




Type - Mud hopper/ Mud skipper [Periophthalmus spp.]
    [One of a kind amazing creature that can hop , swim and stay both in land and water]









"දුම් දමන රොටී කඩේ"



"පිය සටහන් / Foot prints.."


"බාලදක්ෂ කඳවුරුවල තියන විශේෂත්වය තමයි, තමන්ගෙ කාණ්ඩයට ඇවැසි ආහාර තමන් විසින්ම උයාගත යුතු වීම.."



          ක්‍රීඩාවලින් අති බහුතරයක්ම කලේ  "Sober Island" කියන Navy එකට අයත් දූපතේ. ප්‍රධාන භූමියේ ඉඳලා දූපත්වලට යන්න, Navy එකෙන් ඇති තරම් බෝට්ටු ලබා දුන්නා.



Activity - Rafting

Activity - Sliding Chair

Activity - Treassure Hunting

Obstacle course අංගය සඳහා භාවිතා කළේ නාවිකයන් සඳහා ඇත්තටම උපයෝගී කරගන්න මාර්ගය..

Activity - Obstacle course

Activity - Obstacle course

Activity - Obstacle course

Type - Obstacle course

Type - Obstacle course

Activity - Fancy Dress Parade

Activity - Fancy Dress Parade

Activity - Fancy Dress Parade

          කඳවුර පැවති කාලයේ විටින් විට අධික වශයෙන් වර්ෂාව ඇද හැලුනා. එ නිසා කඳවුරු ගිනි මැලය පැවැත්වුනේ ශ්‍රවනාගාරයේ. ඒක එක අතකින් වාසියක් වගේ පෙනුනට, ගිනිමැලයේ ස්වභාවික අත්දැකීම සහ fun එක නම් ලැබෙන්නේ නෑ.

Activity - Camp fire opening


Activity - Drama at the campfire

          අවසන් දිනයේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැතියේ, ආරක්ෂක සේවයේ නියතු ඉතාම ඉහල නිලධාරීන් පමණක් සඳහා වෙන් වුන තැනක. එය "Ward" එහෙම නැත්තම් "Officers' Mezz" යනුවෙන් හඳුන්වනවා.

Officers' mezz

Officers' mezz

Officers' mezz

Officers' mezz

Music group at the Officers's mezz

Fire works..

          අවසාන වශයෙන් ස්තුති කරන්න ඕන අය කීප දෙනෙක් ම ඉන්නවා. ඒ අතර පාසලේ බාලදක්ෂ නායක රොහාන් වීරසේකර සර්, චරිත අයියා, සහෝදර බාලදක්ෂයින් හැරුනාම රවී අන්කල් ඇතුළු නාවික හමුදාවේ සියළු දෙනාම ඉන්නවා. කඳවුරු භූමි භාගයේ සිටි ඉතාම පහල නාවික භටයා ඉඳලා ඉහලම කෙනා වෙනකල් අපිට දුන්න සහයෝගය ඉතාම වටිනවා.

          කාලයකට පස්සේ බාලදක්ෂ සමූහය එක්ක මේ වගේ කඳවුරකට යන්න ලැබුන එක මට පෞද්ගලිකව ගොඩක් වටින දෙයක්. මොකද මම මනුස්සයෙක් විදිහට පෝෂණය වුණේ එතනින්. ඒ අතීතය මට හැමදාම අමරණීයයි..


*.*.*.*


With - Charitha Ratwatte (Jr) and Lasantha Dissanayake

Camara - Nikkon D60 (18mm - 55mm)


Related Posts Plugin for WordPress, Blogger...