04 September 2011

අතරින් පතර...(2) / Random Lot...(2)

Location - Boys' hostel, Wayamba Uni
අඳුරින් එළියට... / From DARK to LIGHT…

            සාමාන්‍ය ජීවිතයේ දි  අපිට දකින්න ලැබෙන සමහර සුන්දර දේවල් ගැන, ටිකක් ගැඹුරින් හොයලා බැලුවොත්..., අවබෝධ කරගන්න පුළුවන් ඒවායෙ මුල් කාලය තරම් සුන්දර එකක් නොවන බවආරම්භය එතරම් සුන්දර නොවුනට, අවසන් ඵලය සුන්දර නම්...

වටිනාකම තියෙන්නෙ එතන යි...


Location - Daladaa Maligawa, Mahanuwara.
දෙනෙතේ කථාව... / Story in the EYE…

'ඇස්'..,
වචන වලින්, අනිත් ඉරියව් වලින්  ප්‍රකාශ වෙන්නෙ නැති ගොඩක් අදහස් තේරුම් ගන්න පුළුවන් හොඳම  මාධ්‍යක්.
තමන්ට කැමති විදිහට නිදහසේ ජීවත් වෙන්න තියන නිසර්ග හැඟීම් සියල්ල යටපත් කරගෙන, තමන්ට කිසිම විදිහකින් අදාල නැති, කවදාවත් කරන්න බලාපොරොත්තු නොවුන දෙයක්, ඕන වුණාම අයින් වෙන්නත් බැරිව, කරන්න වුනාම...

ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න ඕනකම තිබුනත්, "තත්වය" කියන යදම් වලින් විලංගු දාලා නම් තියෙන්නෙ..,

හිතාගන්න පුළුවන්ද ඒක කොයිතරම් අසරණකමක් කියලා..?


Location - Mahanuwara.
තෝරාගැනීම… / The CHOICE…

               ධරණි තලය සැලකුවාම, එක එක කොට්ඨාශවලට තමන්ගේ ජීවන විළාසය  ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යන්න  අනන්‍ය වූ වාස භූමි පිහිටලා තියනවා.
තව කොට්ඨාශයක් භුමි  ආක්‍රමණය කළාම, කොට්ඨාශය පළමු අයට වඩා බලවත් නම්, පළමු පිරිසට තියන තෝරාගැනීම් ඉතාම සීමිත වෙනවා. සීමිත තෝරාගැනීම් පවා සමහරවිට බලවත් පිරිසෙන් දූශ්‍ය වූ දේ විය හැකියි. ඒක "මානුශීය " අසාධාරණ  වෙන්න පුළුවන්. නමුත් ලෝක ඉතිහාසය පුරාම මීට වෙනස් අවස්ථා ඇත්තෙම නැති තරම්. කොහොම නමුත් එක් කොට්ඨාශයක ජීවන විළාසය, තවත් කොට්ඨාශයක හැසිරීම මත තීරණය වෙන එක ඇත්තටම අවාසනාවක්.


Location - Primary school, Kegalla
පැමිණීම සහ මුළු ගණන... / PRESENCE and TOTAL…


Location - Kanniya
ජීවන ගමන... / JOURNEY of LIFE…

                 ඡායාරූපය එතරම් හොඳ නැතුව ඇති. ඊට හේතුව මෙතන පහුකරද්දි බස් එකේ වේගය ටිකක් වැඩි නිසා. මේ අළුත් කන්නියා පාලම මුණගැහෙන්න ටිකක් කලින්.
මේ දර්ශනය සුන්දර නැද්ද කියන්න මම දන්නෙ නැහැ.
'තංගවේලු' කියන්නෙ කන්නියා-1 ප්‍රදේශයේ ජීවත්වෙන ගොවියෙක්. ඔහු ගොයම් කපලා, වී ටික ගෝනිවලට අහුරලා විකුණුවට පස්සෙ, ඉතුරු වෙන පිදුරු ටික පවා කීයකට හරි දීගන්න හදන්නේ, ගත්ත ණය ගෙවලා ආපහු හැරිල බලනකොට අනික් අවශ්‍යතා සපුරගන්න අතේ කීයක්වත් නැති නිසා.
මේ වගේ තංගවේලු ලා තවත් සියගානක්  ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර අවට දිනපතා මේ විදිහට තමන්ට උරුම ගමන යනවා ඕන කෙනෙකුට දකින්න පුළුවන්..
යුද්ධය නම් අවසන්.  වුණාට සාමයේ සහ සංවර්ධනයේ සැබෑ  ප්‍රතිඵල බිම් මට්ටමට ලැබෙන්න තව කොතරම් කාලයක් ගතවේවි ..?


Location - Kanniya


Location - Kanniya
(කොටි/අලි) තර්ජනය සහ ආරක්ෂාව... / (Tiger/Elephant) The THREAT and DEFENCE…

                              ආරක්ෂාව වුවමනා වෙන්නේ තමන්ගෙ ජීවිතයට යම්කිසි තර්ජනයක් තියනකොට. කව්රුත් කැමතියි බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වෙන්න.

කන්නියා ප්‍රදේශය වඩාත් ප්‍රසිද්ධ ස්වභාවික උණු දිය උල්පත් වලට. වර්ෂ 2000 ආසන්න සහ ඊට පස්සෙ කාලයේ දී මේ ප්‍රදේශයේ සියළුම ක්‍රියාකාරකම් පාලනය වුණේ කොටි සංවිධානය මගින්. උණුදිය උල්පත් බලන්න එන දේශීය සහ විදේශීය සංචාරකයන්ට ටිකට් පවා ඔවුන් අලෙවි කලා. ඒ වකවානුවේ දී රජයේ හමුදා මැඩපවත්වන්න කොටි සංවිධානය භාවිතා කළ කම්බි රෝල්, දැන් වල් අලි මැඩ පවත්වන්න යොදාගෙන. කොහොම නමුත් හමුදා නවත්තන්න අමාරු වුණ විදිහටම, වල් අලි නවත්තන්නත් මේවාට අමාරුයි.

මේ කම්බි දඟර වලින් එහා පැත්තෙ තියෙන්නෙ කන්නියාවල මිනිස්සුන්ගෙ ජීවිතය. කම්බි දඟරවලට වල් අලි එන එක නවත්තන්න අමාරුයි තමයි. නමුත් ඒ මිනිස්සුන්ගෙ බඩට දැනෙන බඩගින්න නවත්තන්න නම් වල් අලින්ටවත් බැහැ.
                 

Location - Kanniya
නැගෙනහිර - නැගෙන හිරු... / SUN RISE  in the EAST…


           ජීවිතය මීදුමකින් වැසීගිය අඳුරු කාල, කාට වුණත්, කවදා හරි එළඹෙන්න පුළුවන්. කාලවල සිද්ධවෙන දේවල් මොනවද කියලා කාටවත් හරි හැටි අවබෝධයක් නැති එක පුදුමයක් නෙමෙයි. සමහරු අඳුරෙම ඉපදිලා, අඳුරෙම මැරිලා යනවාවාසනාව තියන ටික දෙනෙක් හරි පායන හිරුගේ රශ්මිය විඳින්න ජීවත් වෙනවා.

හිරු සමග මහ පොළොව මත පතිත වෙන්නෙ අළුත් ලෝකයක්. අඳුරින් මිදෙන්න වාසනාව තිබුනට විතරක් මදි, ආලෝකයේ ජීවත් වෙන්නත් දැනගන්න ඕන.
නැත්තම් අඳුරේ දි නොපෙනී ජීවත් වුණා වගේ, අලෝකයේදි ත් නොපෙනෙන සේ ජීවත් වෙන්න සිද්ද වෙනවා.

මොකද..., අලෝකය සමහරවිට අඳුරට වඩා සාහසික යි.






Location - Wayamba Uni.
රියදුරු අසුනට බුදු සරණයි... / BUDDHA SAVE the DRIVER…


Location - Hortan Plnnce
සංරක්ෂණය... / Conservation…

                 සමහර දේවල් වැසී තියනතාක් කල් ඒවායේ වටිනාකම සහ සුන්දරත්වය ආරක්ෂා වෙනවාපොදු සමාජය වගකීම් විරහිතයි. බහුතරයක් , සුළුතරයක් කියන එක වැඩකට නැති කාරණයක්. කුමක් වුණත් නිතරම පෙනෙන්න තිබීමත්, ඕන කෙනෙකුට, ඕන වෙලාවක භාවිතයට තිබීමත්, ඕනම දෙයක වටිනාකම අඩු කරන්න සමත්.
ඉල්ලුම හැමවිටම රඳාපවතින්නෙ සැපයීම මත නෙමෙයි. වටිනාකම ආරක්ෂා කරගන්න, එවිට ඉල්ලුම දිගටම පවතීවි.



වැජඹීම... / GRANDEURE…

                 වරදවා වටහා ගැනීම් සමාජයේ ඉතා සුලබයි. සමහර විටෙක ඒවා සුළු කාලයකින් නිවැරදි වෙනවා. සමහර ඒවාට ගොඩක් කල් ගතවෙනවා.
අහලා තියනව ගොබෙල්ස්  න්‍යාය..? එකම බොරුව සිය පාරක් කිව්වොත් ඒක ඇත්තක් වෙන්න පුළුවන්නමුත් වැරැද්දක් කවදා හරි නිවැරදි විය යුතුයි.
අඩුම තරමේ ඒක සාක්ෂි ඇතුව ඔප්පු කලාම වත්.


Location - Sithulpawwa temple, Kirinda.
පැවැත්ම... / Long live…

                මිනිස්සු හැමෝම එකයි කියලා, එකම ලේ තියා මොනවා තිබුනත් මම පිළිගන්නෙ නැහැ. හැමෝටම තමන්ගෙ මට්ටමින් පනවා ගත්ත ආස්ථාන තියනවා. කාටවත්, කවුරුවත්, කිසිම දෙයක් සම්බන්ධයෙන් වැරදියි කියන්න හැකියාවක් නැහැ. වගේම කාටවත් කාණ්ඩ විදිහට බෙදෙන්න පවා හැකියාවක් නැහැ. එකම බෙදීම තනියෙන් පමණයි.
මිනිසා සමාජ සත්වයෙක් කියල මම පිළිගන්නවා. නමුත් සමාජීය බව ඕන වෙන්නේ සමාජ චර්යාවට පමණයි. එහෙම නැතිනම් සමාජය මත ගැති වීමට තරම් ප්‍රාථමික මූල විනාශවෙලා නම් පමණයි.
එහෙම කියන්න හේතුව, මිනිහෙක් උපදිනකොට එයාකාරයෙන් බෙදෙන්න කිසිම දෙයක් අරන් එන්නෙ නැති නිසා. ආගම, ජාතිය, කුලය, පංතිය, වර්ගය ඉපදීමෙන් පසුව 'ආරෝපණය කරන' දේවල්.
මිනිසාගේ බුද්ධි මට්ටම උසස් නිසාප්‍රාථමික සත්ව කොට්ඨාශවලට වඩා වෙනස්ව තම ජීවිත විලාසය තමන්ටම නිර්මාණය කරගත හැකියි. සඳහා සුදුසු දර්ශනයක් භාවිත කල හැකියි. නමුත් සඳහා කිසිම අනවශ්‍ය බාහිර බලපෑමක් සිදු නොවිය යුතුයි..
පැවැත්මක් තිබිය යුත්තේත් එවන් නිදහස් චින්තනයට ඉඩ සළසන දර්ශනවලට පමණයි.

* * * * * * * * * *

Pictures were taken by - 

Fuji finepix AV140                        Nokia 3250


Sony Ericson K800i                  Panasonic DMC- TZ4 

  Nikon COOLPIX L4        Sony Cyber - shot W810


3 comments:

  1. ඔය තියෙන්නෙ වචනත් එක්කම.එළ එළ.රසවින්දෙමි.....

    ReplyDelete
  2. බොහොමැ ස්තුතියි...
    ඉතින් මම කියන දේ ගැන බැනලා ත් දාන්න මොනවා හරි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...