02 November 2012

බලකොටුවක්, විනෝද උද්‍යානයක් වූ කලෙක... / When a fortress becomes a place of recreation...

           කෝට්ටේ පුරවරය, ලංකාවේ  ඉතිහාසයට අනුව අවසන් රාජධානි යටතට අයත් වන්නක්. ලාංකීය පුරාණ සාහිත්‍ය ක්ෂේත්‍රයටත් ඒ කාලයේ විශාල සේවාවක් ඉටු වී ඇති බැව් සඳහන් වෙනවා. ඒ කොහොම නමුත් මගේ කතාබහ ඒ පිළිබඳව නම් නෙමෙයි.

           මාලබේ, බත්තරමුල්ල, රාජගිරිය හරහා උදේ හවස ගමන් ගන්න කෙනෙක්, පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන සේවාවකින් හෝ ගමන් ගන්න කොට අත්විඳින විශාලම ප්‍රශ්නෙ තමයි එහි පවතින අධික වාහන තදබදය. උදෑසන 6.00-10.00, දහවල් 1.00-2.00 සහ සවස 5.00-8.00 මේ කොයි වෙලාවෙත් මේක පොදුයි.

          ඒ කොහොම නමුත් රාජගිරිය සහා බත්තරමුල්ල අතර සීමාවටට අපි යනවිට, ඒ සියළු ද්වේෂ සහගත සිතිවිලි හිතෙන් තුරන් වන, නිමේෂයකට පමණක් රාජපාක්ෂික වීමේ භාහ්‍ය සහගත සිතිවිලි ඇතිවෙන මොහොතක් උදාවෙනවා. ඒ තමයි මනස්කාන්ත දියවන්නාව ජලාශය කේන්ද්‍ර කොටගත් දියවන්නා විනෝද උද්‍යානය..

ඔන්න මම දැන් හරි මාතෘකාවේ..

             දියවන්නා ජලාශය මම පොඩිකාලේ ඉඳන්ම ගොඩක් කැමති ප්‍රදේශයක්. මොකද කියනවානම්, කොළඹ ඉන්න අපිට, උදේ හවහා ඇස් දෙකට දිය පොදක් දකින්න තියන එකම ඉඩකඩ නිසා. මීට අවුරුදු කීපයකට කලින් දියවන්නාව දැක්ක කෙනෙක්ට, දැන් එහි දකින්න තියන වෙනස හිතාගන්නත් බැරි තරම්. නුවර එළියේ ග්‍රෙගරි ජලාශයේ පැරණි පින්තූර දැකපු දවස් වල ඉඳලා මටත් ලොකු ආසාවක් තිබුණා නිතර යන්න එන්න පුළුවන් තැනක ඒ වගේ අවකාශයක් හැදෙනවානම් කොයි තරම් හොඳයි ද කියලා. දැන් ඒ දොළ දුක සංසිඳෙන්න පටන් අරන්..

             කලින් සඳහන් කලා වගේම දියවන්නා උද්‍යානය පිහිටලා තියෙන්නේ B240 මාර්ගයේ රාජගිරිය සිට බත්තරමුල්ල අතර දිවෙන කොටසේ. 17, 153, 163, 168, 170, 171, 174, 177, 190 මාර්ග අංක සහිත බස් රථවලින් මෙහි ළඟාවෙන්න පුළුවන්. 

පහත පින්තූරවලින් එහි ගුවන්, චන්ද්‍රිකා සහා මාර්ග සිතියම් පෙන්නුම් කෙරෙනවා. 


 


Ref - 
[ http://visitmiraclelanka.blogspot.com/2012/07/diyawanna-oya-walking-track.html
  http://www.maplandia.com/sri-lanka/ ]

              පසුගිය සෙනසුරාදා, ඒ කියන්නේ 27 වෙනිදා මම යළුවෙකුත් එක්ක ගියා ඒ පැත්තේ රවුමක් ගහලා එන්න. ටික කාලයක ඉඳන් ඇස් දෙකයි, අත් දෙකයි අක්‍රීය වෙලා තිබ්බේ. ඒවා නැවත සක්‍රීය කරගන්න ලොකූ උවමනාවක් තිබ්බා. පහත දැක්වෙන්නේ එහි අස්වැන්න. සරු ද, නිසරු ද කියලා ඔයාලම තීරණය කරන්න. 









            දියවන්නා උද්‍යානය පරිශ්‍රයේ ගොඩබිම් කොටස පදිකයන්ට පමණක් විවෘතයි. සියලුම Bicycle, Tricycle ඇතුළු කිරීම තහනම්. නමුත් සෙසු උද්‍යානවලින් මෙය සුවිශේෂි වන්නේ පොදු ජනයාට විවෘත හංස බෝට්ටුවලට අමතරව, පෞද්ගලිකව අයත් වෙනත් බෝට්ටු වර්ගත් පැදීමට ඇති ඉඩකඩ සහා අවසරයයි. ජලාශයේ වපසරිය මෑත කාලීනව විශාල කරනු ලැබූවා. ඉන් එක් අතකට ජල බැස්මට පහසුකමක් සැපයීමත් සිදුවෙනවා. අනිත් අතට විශාල පෙදෙසක පැතිරුණු ජල තලයක් හිමිවෙනවා. හබල් මගින් පාලනයකරන යාත්‍රා වගේම, රුවල් මගින් ගමන්කරන යාත්‍රාත් කිසි අපහසුවකින් තොරව ධාවනය කිරීමට මින් ඉඩකඩ ඇති වී තිබෙනවා.











            උද්‍යානයේ එක් අන්තයක මධ්‍යම ප්‍රමාණයේ ඉතා අලංකාර එළිමහන් වේදිකාවක් පිහිටලා තියනවා. අපි එහි ගිය දවසේ ‍Y FM Street Dancing Fest එක තිබුන නිසා වෙදිකාව තිබෙන හැටියෙන්ම පින්තූර ගන්න ලැබුනේ නෑ. උත්සවයේ පින්තූර මම මේ පොස්ට් එකෙන් බලන්න පුළුවන්.


            හැම  දෙනාටම වගේ මතක ඇති ඉස්සර වික්ටෝරියා උද්‍යානයේ කාලයකට සැරයක් පැවැත්වෙන මහා විසිතුරු පැළ ප්‍රදර්ශනය. නමුත් දැන් එය පැවැත්වෙන්නේ දියවන්නා උද්‍යානයට යාබද බිම් කොටසේ. ලංකාවේ විසිතුරු පැළ වගාකරුවන්ගෙන් ඉතා වැඩිකොටසක් අයත්වන්නේ සුළු පරිමාණ කොටසට. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නිශ්චිත මිලක් නැති කමත්, නිශ්චිත වෙළඳපොළ අවකාශයක් නැතිකමත්. මේ අවශ්‍යතාවය ටිකක් හෝ දුරකට මඟහැරී ගියේ මෙවන් විසිතුරු පැළ ප්‍රදර්ශන නිසා. දැන් ඔවුන්ට වැඩි අවකාශයක් වගේම, හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙලා තියනවා. මොකද, විදේශීය සංචාරකයන් සහ දේශීය සංචාරකයන් වැඩි වශයෙන් මෙම උද්‍යානයට ඒක රාශීවීමෙන්, ඔවුන්ගේ අවධානයත් මෙම විසිතුරු පැළවලට වැදි වශයෙන් යොමු වෙලා තියන නිසා. එය ඉදිකිරීමෙන් පසුව විවෘතකරනු ලැබූයේ 2012 සැප්තැම්බර් මස 16 වෙනිදා...












           දියවන්නාව උද්‍යානය මනරම් වතුර මලකින් ද සමන්විතයි. විවිධ ආලෝක සහා රටා මවමින් විනාඩියකටත් වඩා කාලයක් එහි විචිත්‍රත්වය නැරඹිය හැක. එහි පින්තූර සහ විඩියෝව පහතින් නරඹන්න..




              දියවන්නා උද්‍යානය ඉදිකරනු ලැබූවේ නාගරික සංවර්ධන අධිකාරිය, පරිසර අමාත්‍යංශය සහා ආරක්ෂක අමාත්‍යංශය සහ අනෙකුත් රාජ්‍යය ආයතන ඒකරාශී වීමෙන්. කෙසේ වෙතත් මෙහි අධිකාරීත්වය හිමිවන්නේ ආරක්ෂක අමාත්‍යංශයට. ඒ නිසා මෙහි විනය, නීතිය සහා අනෙක් අවසරගැනීම් කටයුතු ඒ හරහා සිදු කෙරෙනවා. විශේෂයෙන්ම එක් අන්තයක ඇති එළිමහන් වේදිකාව පරිහරණයට එසේ අවසරගත යුතුයි.

අවසන් වශයෙන් මා මගේ කෘතගුණ පූර්වක ස්තුතිය සචිත් මදුරංග සොයුරාට. ඒ ඔහුගේ (නො) වටිනා කාලයට සහා වටිනා කැමරාවට..

* * * * * * *

With - Sachith Madhuranga

Pictures were taken by 

Nikon D60

6 comments:

  1. පණ්ඩිතයත් ගිහිල්ලා නේද? හැබැයි මචං අර විහාර මහා දේවි එක අයිනේ චිත්‍ර විකුණන සෙට් එකටත් ඕක අයිනේ තැනක් හදලා දුන්නනං වටිනවා.උං අරහෙ වේලෙනවා බං.ෆොටෝ ටික ඉතිං හැමදාමත් වගේ සිරා

    ReplyDelete
  2. ස්තුතියි., සුපුරුදු ලෙසම මුල්ම කොමෙන්ටුව...

    ඒ කතාව නම් සහතික ඇත්ත.. ඒ වගේ වැඩකට ඕන තරම ඉඩ එතන තියනවා මචං. උඹ ඔය කතාව කියුවාමයි මටත් මීටර් උණේ. දියවන්නාවට සංචාරකයෝ මාරු වීම එක්ක මෙහෙම වැඩකුත් වෙනවා මට හිතෙන්නේ. අපි මෙහෙම හිතමු. වික්ටෝරියා පාර්ක් එකට මිනිස්සු වැඩ කිහිපයකට යනවනේ. එක කට්ටියක් ව්‍යායාමවලට යනව, සමහරු මොනවාහරි වැඩකට කොළඹ ඇවිත් (රාජකාරීමය, විනෝද චාරිකා වගේ) ඉතුරු කාලේ ගෙවන්න එනව, වැඩිය සල්ලි බාගේ නැති කපල් තමන්ගේ ආදරවන්තිය/වන්තයා එක්ක කාලේ ගෙවන්න එනව, මානසික සුවය සහා තමන්ගේ පවුල එක්ක හවස් වරුව ගත කරන්න කට්ටිය එනවා, ඔය අතරේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නත් සමහරු එනවා. විදේශීය සංචාරකයොත් එනවා මම දැකලා තියනවා.

    කොහොම කොහොම හරි මොනවට හරි එන කට්ටියගෙන් සමහරු ඔය චිත්‍ර මිලදී ගන්නවනේ. දැන් දියවන්නාව නිසා ඔහොම එන අයගෙන් ගොඩක් දෙනා වික්ටෝරියා එකට එන එක අඩුවෙන්න පුළුවන්. දියවන්නාව ඔයිට වැඩිය ලස්සනයි. ඇලකුත් තියනවා, හංස බෝට්ටු තියනවා, ඉඩත් තියනවා. පොඩ්ඩක් හරි නෑවිත් ඉන්නේ එළිපිට එකට ඉන්න බැරි කපල් විතරයි. මොකද දියවන්නාව ළඟදි කාට මාට්ටුවෙයිද දන්නේ නෑනේ. මේ විදිහට කට්ටිය අඩුවෙන එක චිත්‍ර විකුණන අයටත් පාඩුවක් නේද? උඹ කීවා වගේ ඒ අයටත් ඕකේ තැනක් ඉදිවෙනවා නම් අඩු ගානේ මිලදී ගන්න එක කෙසේ වෙතත් ඒවා බලන මිනිස්සු ගානත් වැඩි වෙනවනේ. එහෙම නිතර නිතර දකින කොට කවුරු නමුත් සල්ලි දීලා ගන්න හරි පෙළඹෙනවානේ. මම නම් හිතාගෙනමයි ඉන්නේ ඒ අයගෙන් චිත්‍ර එකක් හරි ගන්නව කියලා. තාම නම් වත්කමක් නෑ. ඒත් ගන්න එක නම් ෂුවර්..

    ReplyDelete
  3. Your website traffic can be skyrocketed plus it may even help you
    to have more natural links. Further, ensure that
    the SEO firm that you have selected only take part in SEO-related works, and
    will not care for it like a secondary. Ask yourself "Will I be happy when landing over a page this way.
    My web site ... http://proimblogger.com/gsa-search-engine-ranker-review/

    ReplyDelete
  4. එතකොට මේ හරියේමද අර ඉස්සර බෝට්ටු පදින්නයි දියත උද්‍යානයයි තිබ්බේ? මීට ටික කාලෙකට කලින් මාතෙ තන බෝට්ටු පැදලා තියෙනවා. ඒත් අපි බෝට්ටු පදින්න ගියාට වැඩි හරියක් අය එතන ගිහින් හිටියේ වෙන වෙන දේවලට වගේ මතකයි. ඒ වුනාට මෙතන නාන්න බෑ නේද? මතක විදියට අපිරිසිදු වතුර තියෙන කතාවක් මතකයි. කොහෙද ඉතින් නාන්න බැරි නම් අපි ඕවට යන එක සිදු නොවෙන තරම්නේ...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. බෝට්ටු පදින්න නම් තිබ්බා, ඒත් "දියත උද්‍යානය" කියන්නේ මොකද්ද කියලා නම් මට අවබෝධයක් නෑ.

    ඉස්සර නම් කට්ටිය එක එක දේවල්වලට ගියා. මම කියන්නේ නෑ දැන් 100% ඒවා නෑ කියලා. හැම අස්සක් මුල්ලක් නෑරම පොලිසියෙන් ඉන්න නිසා කට්ටිය හැසිරෙන්නේ හරිම පරිස්සමින්.ඉස්සර මෙතන නාන්න විවෘත කරලා තිබුණා. ඒත් එතන පස්සෙ board එකක් ගහුවා "කිඹුලන්ගෙන් ප්‍රවේසම් වනු" කියලා. ඒක දාන්න හේතුව මට මතක විදිහට පාර්ලිමේන්තුව කිට්ටුව නිසා ආරක්ෂක ප්‍රශ්න නිසා.

    ඉස්සරනම් ජපන් ජබර (Eichhornia crassipes) තිබ්බා. හැබැයි දැන් ඔක්කොම සුද්ධ කරලා තියෙන්නෙ. කට්ටිය නානවා මම දැකලා තියනවා දැන් නම්. මම ගත්ත photo වලින් 13 වෙනි එකේ ඉන්න මනුස්පයා එතන නෑවා අපි එනකොට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...